එක්සත් ජාතීන් දෙබිඩි පිළිවෙතක

එක්සත් ජාතීන් දෙබිඩි පිළිවෙතක

February 7, 2016   08:23 am



එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් සම්බන්ධයෙන් ලොව පුරා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කළුතර බණ්ඩාරවත්ත වික්‍රමශීලා විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය අවසන් කර මෙරට සාමකාමී තත්ත්වයක් උදා කිරීමෙන් ඇති වු යහපත් ප්‍රවණතාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුව නොමැති බවයි.