සිංහලයා අඩියක් නම් දෙමළ ජනයා අඩි දහයයි

සිංහලයා අඩියක් නම් දෙමළ ජනයා අඩි දහයයි

February 5, 2016   07:38 pm


සිංහල ජනයා දෙමළ ජනයා සමග අඩියක් ඉදිරියට තබන්නේනම් ඒ වෙනුවෙන් අඩි 10ක් ඉදිරියට තැබීමට දෙමළ ජනයා සූදානම් බව උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා පවසයි.

මෙවර ජාතික නිදහස් උළෙලේදී ජාතික ගීය ද්‍රවඩ භාෂාවෙන්ද ගායනා කිරීම සංහිඳියාව වෙනුවෙන් කළ ඉතා සුළු ක්‍රියාවක් වුවද එය ඉතා අගය කළ යුත්තක් බව ඔහු සඳහන් කළේය.

ජාතීන් අතර සමගිය හා සහෝදරත්වය වර්ධනය කර ගැනීම උදෙසා කදිම පසුබිමක් නිර්මාණය වී ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද (05)යාපනය නාගවිහාරයට පැමිණ නාගවිහාරවාසී භික්ෂුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.