Back to Top

තරුණියක මරා දමලා

AdaDerana Ad

තරුණියක මරා දමලා

January 21, 2016  06:08 pm

Bookmark and Share


මැදිරිගිරිය, කුමුදුපුර ප්‍රදේශයේදී තරුණියක ඝාතනයට ලක්ව තිබේ.

අදාළ තරුණිය නිවස පිටුපස ලදු කැලෑවක කැපුම් තුවාල සහිතව වැටී සිටියදී ඇයගේ මව විසින් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

තරුණිය ප්‍රතිකාර සඳහා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමට රැගෙනයමින් සිටියදී මියගොස් ඇත.

 මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියකි.

සිද්ධියට අදාළ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මැදිරිගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.