කොණ්ද පණ නැති නීතිපතිවරයෙක් වැඩක් නෑ
January 21, 2016 04:21 pm
තීන්දුවක් ගන්න බැරි, කොණ්ද පණ නැති නීතිපතිවරයෙකුගෙන් වැඩක් නැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කියයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ගැන කළ ප්‍රශ්න කිරීම්වලදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
තීන්දුවක් ගන්න බැරි නීතිපතිවරයෙකු රටකට විනාශයක් බවද හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.
හොඳ නීතිපතිවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.