රෑ මුරයට අතිරේක වෛද්‍යවරුන්

රෑ මුරයට අතිරේක වෛද්‍යවරුන්

January 21, 2016   03:38 pm


කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රාත්‍රී සේවා මුර සඳහා වැඩි වශයෙන් වෛද්‍යවරු යොමු කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ(20) රාත්‍රීයේ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව සඳහන්ය.

එහිදී ජාතික රෝහලට හා හදිසි ප්‍රතිකාර අංශයට දිනපතා රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බවට අනාවරණය වී තිබේ.

 ඒ අනුව ඔවුන්ට කඩිනම් සේවාවක් ලබාදීම සඳහා බාහිර රෝගී අංශයේ රාත්‍රී සේවා මුර සඳහා වැඩි වශයෙන් වෛද්‍යවරුන් යොමු කරන ලෙස සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.