වරදකරුවන් වුණොත් වෛද්‍යවරුන් ගෙදර යවනවා

වරදකරුවන් වුණොත් වෛද්‍යවරුන් ගෙදර යවනවා

January 21, 2016   02:59 pm


වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව ව‍රදකරුවන් වන වෛද්‍යවරුන් සිටීනම් ඔවුන් වෘත්තියෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එම සංසිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලැබී ඇති බව දැනගන්නට ලැබුණද ඒ පිළිබඳ තමාට යමක් දැනගැනීමට නොහැකි වුණු බවත්, එම වාර්තාවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම්දුන් බවත් අමාත්‍යවරයා කියා සිටියි.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කමිටුවට දැනුම්දී ඇති බවත් ඔහු කියා සිටියේ අද (21) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

‍එසේ වුවද මේවන විට විදේශකයින් සඳහා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සිදුනොකරන ලෙස සියලුම රජයේ හා පුද්ගලික රෝහල්වලට දැනුම්දී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.