දුම්රියට පැන මරුට
January 14, 2016 12:34 pm
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසළදී පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි හානිකරගෙන තිබේ.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට පැන අදාළ පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මළ සිරුර බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්ය.