රියදුරන් බේරා සැරයන් ගෙදර!
January 14, 2016 11:12 am
සූරියවැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තංගල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.
රාජකාරි පැහැරහැරීමේ චෝදනාව මත ඊයේ දිනයේ සිට මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර තිබේ.
රථවාහන වැරදි 38ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු නොකිරීම අදාළ පොලිස් සැරයන්වරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.
තංගල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.