Back to Top

ඉන්දුනීසියාවේ ජකර්තාවේ පිපුරුම්

ඉන්දුනීසියාවේ ජකර්තාවේ පිපුරුම්

January 14, 2016  10:11 am

Bookmark and Share

ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේ බෝම්බ පිපුරුම් කිහිපයක් සහ වෙඩිතැබීම් සිදුව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

එරට ස්වදේශික වාර්තාවන් පවසන පරිදි අවම වශයෙන් බෝම්බ 3ක් වත් පුපුරා ඇති අතර වෙනත් විදෙස් වාර්තාවන් පෙන්වාදෙන්නේ බෝම්බ 6ක් පමණ පුපුරා ඇති බවයි.

මේ වන විට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හඳුනාගෙන ඇති අතර පුද්ගල මරණ සංඛ්‍යාව හා තුවාලකරුවන්ගේ සංඛ්‍යාව බොහෝ ඉහළයනු ඇති බව සඳහන්ය.

ජකර්තාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් අසළද මෙයින් එක් බෝම්බ ප්‍රහාරයක් දියත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.