පළමු වසරට දොර ඇරෙයි

පළමු වසරට දොර ඇරෙයි

January 14, 2016   09:48 am



2016 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අද දිනයේ සිදු කෙරෙයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

වසරකට පළමු ශ්‍රේණිය සඳහා දල වශයෙන් සිසුන් තුන්ලක්ෂ 50,000ක් පමණ පාසල් වලට ඇතුළත් කෙරෙන බව  අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට ප්‍රාථමික අධ්‍යාපනය සහිත රජයේ පාසල් 9480ක් පවතින අතර මෙම සියළුම පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අද සිදුවෙයි.

මේ වසරේ සිට පළමු වැනි ශ්‍රේණිය සඳහා නව විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇති බව  අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඊට අදාළ පෙළ පොත්, වැඩ පොත්, විෂය නිර්දේශ සහ ගුරු උපෙදස් සංග්‍රහයන් මේ වන විටත් සියළු පාසල් වෙත  යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියි.