හිරුණිකාගේ ගෝලයන්ට ඇප!

හිරුණිකාගේ ගෝලයන්ට ඇප!

January 6, 2016   05:10 pm



පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩර් රථයක් යොදාගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අටදෙනා ඇප මත මුදාහැර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

අදාළ සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර එහිදී සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් හඳුනාගෙන තිබේ.

සැකකරුවන්ට ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් සිදුනොකරන ලෙසයි.

සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද අධිකරණය පවසා තිබේ.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.