සාක්ෂිකරුවන් - වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරියත් 8දා පිහිටුවයි
January 6, 2016 04:18 pm
අපරාධයක සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ජනවාරි මස 8 වැනිදා පිහිටුවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා නීති අණපනත් නොතිබීම අපරාධ වැඩිවීමට ප්‍රබල සාධකයක් වී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වාදෙයි.
එමෙන්ම එය අපරාධකරුවන්ට දඬුවම් ලැබීමේ ප්‍රවණතාවය ද පහල මට්ටමක ඇද වැටීමකට හේතුවු බව ද එම අමාත්‍යාංශය කියයි.
මෙම තත්ත්වය තුළ අපරාධයක සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනවාරිම මස 08 වන දිනට යෙදෙන ජනාධිපති පදවි ප්‍රාප්තිය සැමරීමේ උත්සවයට සමගාමීව මෙය ක්‍රියාත්මක වන බව සඳහන්ය.