සාක්ෂි නෑ - ඉන්දීය ධීවරයින් නිදහස්

සාක්ෂි නෑ - ඉන්දීය ධීවරයින් නිදහස්

January 6, 2016   03:51 pm



මෙරට ධීවරයෙකුගේ යාත්‍රාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අටදෙනා නිදහස් කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ති‍බේ.

අත්අඩංගුවටගත් ඉන්දීය ධීවරයින් අටදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මුලතිව් මහේස්ත්‍රාත් එස්.සම්සුදීන් මහතා මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

එම ධීවරයින් විසින් අදාළ පහරදීම සිදුකළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව මුලතිව් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ ධීවරයින් නිදහස් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

 එම ඉන්දීය ධීවරයින් අටදෙනා නාවික හමුදාව විසින් ඉදිරියේදී ඉන්දීය වෙරළආරක්ෂක නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.