මනූෂ්‍ය ඝාතන අඩුවෙලා - 2014 - 2015 වාර්තා කිහිපයක් මෙන්න

මනූෂ්‍ය ඝාතන අඩුවෙලා - 2014 - 2015 වාර්තා කිහිපයක් මෙන්න

January 6, 2016   03:49 pm




2014 හා 2015 වසරවල සිදුවූ මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, සියදිවි නසා ගැනීම් ඇතුළු සිද්ධීන් කිහිපයකට අදාළව සවිස්තරාත්මක වාර්තාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් අද මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලදී.


පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදි ඒ මහතා විසින් අනාවරණය කරන ලද තොරතුරු සැකෙවින් පහත පරිදිය.


මනුෂ්‍ය ඝාතන


2014 වසරේදී 548යි

2015 නොවැම්බර් 30 දක්වා 447යි


2014 මනූෂ්‍ය ඝාතන 548න් 477ක් විසඳා ඇත.

2015  මනූෂ්‍ය ඝාතන 447න් 390ක් විසඳා ඇත. (2015 නොවැ 30 දක්වා කාලය තුළ වාර්තා වූ සිද්ධීන් අතුරින්)

ඉහත සංඛ්‍යා ලේඛන අනූව 2015 වසරේදී මනූෂ්‍ය ඝාතනවල අඩුවක් සිදුව ඇති බව ඒ මහතා කියා සිටියේය.



ස්ත්‍රී දූෂණ

2014 වසරේදී 2008යි

2015 නොවැම්බර් 30 දක්වා  1854


2015 වසරේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 1854න් 1501ක්ම වයස අවුරුදු 16ට අඩු ස්ත්‍රීන් බවත්, ඉන් 1209ක්ම සිය කැමැත්තෙන් සිදුව ඇති ඒවා බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.



සියදිවි නසා ගැනීම්

2014 වසරේදී (2484- පිරිමි) - (660-කාන්තාවන්)

2015 සැප්තැම්බර් 30 දක්වා  - (1856-පිරිමි) - (519-කාන්තාවන්)

සියදිවි නසා ගැනීම් වලදී පිරිමි අයගෙන් බහුතරයක් වැඩිහිටියන් බවත්, විවිධ රෝගාබාධ දරාගත නොහැකිව වැඩිපිරිසක් සියදිවි හානි කර ගෙන ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



මත්ද්‍රව්‍ය


2014 වසරේදී මත්කුඩු කිලෝ 312යි - අත්අඩංගුවට ගත් ගණන 23,331යි.

2015 වසරේදී මත්කුඩු කිලෝ 46යි - අත්අඩංගුවට ගත් ගණන 26,492යි.




ගංජා


2014 වසරේදී කිලෝ 19,644යි - අත්අඩංගුවට ගත් ගණන.43,683යි

2015 වසරේදී කිලෝ 6569යි - අත්අඩංගුවට ගත් ගණන. 50,000යි




දියේ ගිළී මියයාම්

2014 වසරේදී මරණ 859යි

2015 මුල් මාස නවය තුළ 688යි



රිය අනතුරු


2014 වසරේදී 2260යි - මියගිය ගණන 2440යි - (දිනකට මරණ දළ වශයෙන් 6යි)

2015 වසරේදී 2566 - මියගිය ගණන 2771යි - (දිනකට මරණ දළ වශයෙන් 7යි)