මහින්ද පැරදුණත් පක්ෂය දාලා ගියේ නෑ!
January 6, 2016 03:43 pm
පසුගිය ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය උපරිම ලෙස භාවිතා කළ බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
කෙසේ වෙතත් තම පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බවද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
එසේම එම ජනාධිපතිවරණයේදී නීතී විරෝධී වැඩ නොකළ බවත්,එම අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූවද සිය පක්ෂය අතහැර නොගිය බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු ජනපතිවරයාගේ වියදම් විශාල වශයෙන් අඩු කළ බවත්, විදේශ සංචාර පවා යෑමේදී පසුගිය කාල සේ නොව ජනාධිපතිවරයා සමඟ සංචාරය යන පිරිසද විශාල වශයෙන් අඩු කළ බවත්, ඒ මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේය.