රජයට බලපෑම් කරනවා

රජයට බලපෑම් කරනවා

January 6, 2016   11:03 am



දෙමළ මහජන සභාව හරහා දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට රජයට බලපෑම් කරන බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

මන්නාරම රදගුරු නිවසේ ඊයේ පැවති සාකච්ඡාවකදී දෙමළ මහජන සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රායප්පු ජෝෂප් පියතුමා විමසීමක් කළ අවස්ථාවේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජනතාවගේ අවශ්‍යතාව අනුව එම දෙමළ  මහජන සභාව ක්‍රියාත්මක වන බව ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.

දෙමළ ජනතාවගේ නොවිසඳුණු ගැටලු විසඳාගැනීම වෙනුවෙන් එම සභාව පෙනී සිටීම ඉතා වැදගත් බව රදගුරු හිමියන් පවසා තිබේ.