ප්‍රපාතය...

ප්‍රපාතය...

July 12, 2018  

Bookmark and Share
පස්සර යූරි වත්තේ වතු අධිකාරි මිලාන් ලියනගේ මහතා ඔහුගේ බිරිඳ හා දියණිය ගමන් කරමින් තිබු ජීප්රථය බදුල්ල-පස්සර මාර්ගයේ බදුළුසිරිගම දී අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් තුවාල ලැබු ඔවුන් තිදෙනාම බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ(11) රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ජිප් රථයකටද විශාල හානියක් සිදුව තිබේ.

බදුල්ල නගරයට පැමිණ යළි වත්තට යමින් සිටියදි මෙම අනතර සිදුව ඇති බව විමර්ශන අනාවරණය වු බව පොලිසිය පවසයි.

බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ලියනගේ මහතා‍ගේ උපදෙස් මත බදුල්ල පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප - පාලිත ආරියවංශ