ගැලවීමක්...

ගැලවීමක්...

July 11, 2018  

Bookmark and Share
(ඡායාරූප - රාහුල් සමන්ත)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුලු වන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරික්ෂා කරීම සදහා තිබු එකම ගමන් මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) දින ඉන් ඉවත්කර කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මත්තල ගුවන්තොටුපල ආරම්භයේ දී මෙම්වැනි ස්කෑනර් යන්ත්‍ර 06ක් ගුවන්තොටුපල පරිශ්‍රයේ ස්ථාන කීපයක ස්ථාපිත කර තිබු අතර විටින් විට එම ස්කෑනර් යන්ත්‍ර අතුරින් 03ක් ඉවත්කරගෙන තිබේ.

අද (11)දින මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුලුවන පිවිසුමේ තිබු ස්කෑනර් යන්ත්‍ර ඒ අයුරින් ඉවත්කරනු ලැබූ සිවුවන (04) ස්කෑනර් යන්ත්‍රය වේ .

මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළුවන ස්ථානයේ තුබූ ස්කෑනර් යන්ත්‍රය ඉවත්කරගැනීම තුලින් ගුවන් තොටුපොල ආරක්ෂාවට තරජයක් ඇති වන බව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පෙන්වා දෙයි.