රළු පවන...

රළු පවන...

July 11, 2018  

Bookmark and Share
අද(11) උදෑසන හමා ගිය තද සුළං හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 153 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා සිටියේ, මෙම සුළං තත්ත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර 8ක නිවාස හානිවීම් වාර්තා වු බවයි.

ඒ අනුව දෙහිවල නිවාස 15ක්, හෝමාගම නිවාස 75 ක්, මහරගම නිවාස 15 ක්, පිළියන්දල නිවාස 5 ක්, කැස්බෑවේ නිවාස 15 ක්, රත්මලානේ නිවාස 20 ක්, මෝරටුවේ නිවාස 7 ක්, කඩුවෙල් එක් නිවාසයකට අර්ධ හානි සිදුව තිබේ.

ඒ අනුව අර්ධ හානි සිදුවු මුළු නිවාස ගණන 153ක් වන අතර, මේ වන විට එම හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබා දීමට තක්සේරු කිරීම සඳහා මේ වන විටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවත් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් දිවයිනේ සෙසු පළාත්වලින් තද සුළං වාර්තා වී නොමැති අතර, අද දිනය තුළ ජනතාවට කල්පනාකාරීව සිටින්නැයි අනතුරු අඟවයි.

ඡායාරූප - බුද්ධික කුමාරසිරි