නින්දට ගිය පියා ළි‍ඳේ  වැටී ඉන්නවා දැක්කා -දුවගෙන් පැමිණිල්ලක්

නින්දට ගිය පියා ළි‍ඳේ වැටී ඉන්නවා දැක්කා -දුවගෙන් පැමිණිල්ලක්

December 1, 2015   04:59 pm




පොළොන්නරුව, පරාක්‍රම සමූද්‍රය ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ  පුද්ගලයාගේ දියණිය විසින් පොළොන්නරුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඊයේ රාත්‍රී 11.30ට පමණ ඔහු රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් ඇති අතර අද අලුයම 5.30ට පමණ ළිඳට වැටී සිටිනු තමන් දුටු බවට ඇය  පැමිණිලි කර තිබේ.

මියගොස් ඇත්තේ 82 හැවිරිදි පරාක්‍රම සමුද්‍රය, අඹන්හිඟ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.