ඒ හතර පස්දෙනාට වඩා හතලිස් තුන්ලක්ෂය වටිනවා

ඒ හතර පස්දෙනාට වඩා හතලිස් තුන්ලක්ෂය වටිනවා

December 1, 2015   03:49 pm


ව්‍යාපාරිකයින් හතර පස්දෙනා ගැන නොව ළමුන් හතලිස් තුන්ලක්ෂයක් ගැන සිතා වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර පත් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද නිල වශයෙන් ආරම්භ කෙරුණි.

 එහිදී පාසල් දරු දැරියන් කිහිපදෙනෙකු සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේ පිරිසක් අමාත්‍යවරයා අතින් වව්චර් පත් ලබාගන්නා ලදී.

ඒ අනුව පාසල් සිසුන් සඳහා අදාළ වව්චර් පත් අද සියලුම විදුහල්පතිවරුන් අතට පත්වන බව එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.

 ලබන 4 වන සිකුරාදා දිනය වන විට එම වවුචර් පත් සියලුම දරුදැරියන් වෙත ලබාදිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 2016 පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර එම වවුචර් පත්වලින් නිල ඇඳුම් රෙදි ලබාගෙන දරුවන් සඳහා නිල ඇඳුම් සකස් කරදීම මව්පියන්ගේ වගකීම බව අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 2600ක් වෙන්කර ඇති බවත්, වැය වන්නේ රුපියල් මිලියන 2100ක් බවත්, ඒ අනූව මිලියන 500ක් ඉතිරි කර ගැනීමටත්, දරුවන්ට හොඳ ප්‍රමිතියෙන් යුත් රෙදි මිලදී ගැනීමට හැකිවන බවත්, හෙතෙම පැවසීය.