වයඹ පරිපූරක වෙද සේවා වෘත්තිකයින් වර්ජනයේ

වයඹ පරිපූරක වෙද සේවා වෘත්තිකයින් වර්ජනයේ

December 1, 2015   02:05 pm



වයඹ පළාතේ සියලු රෝහල්වල, සෞඛ්‍ය ආයතනවල වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යා නිලධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද පෙරවරු 8.00ට සිට පැය 24ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පැවසුවේය.

පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් කරන ලද ව්‍යාජ පැමිණිල්ලකට අනුව එම රෝහලේ වෛද්‍ය රසයානාගාර කාර්මික විද්‍යා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගත කිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්ය.

මෙම වැඩවර්ජනය සඳහා වයඹ පළාතේ සියලූම රෝහල්වල වෛද්‍ය රසයානාගාර කාර්මික විද්‍යා නිලධාරීන්, ඖෂධවේදීන්, විකීරණ ශිල්පීන්, භෞතික චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක නිලධාරීන් එක්වන සිටින බව අජිත් පී. තිලකරත්න මහතා සඳහන් කළේය.