වාහන පර්මිට් එක නිසා වර්ජනයට යනවාද?- තීරණය හෙටලු

වාහන පර්මිට් එක නිසා වර්ජනයට යනවාද?- තීරණය හෙටලු

December 1, 2015   11:14 am


දීප ව්‍යාප්ත වර්ජනයකට යාම සම්බන්ධයෙන් හෙට දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට පස්වරුවේ ගැනීමට අපේක්ෂා කරන බවයි.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් සංශෝධනය නොවීම, ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ තීරුබදු සහන වාහන බලපත්‍ර අහෝසි කිරීම යන කරුණු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද හොත් දිපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව  පසුගියදා එම සංගමය පැවසුවේය.

කෙසේවෙතත් අදාළ ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිදු සාකච්ඡාවක් හෝ දැනුම්දීමක් සිදු කර නොමැති බවත් ගැටලු විසඳාගැනීම කළ යුත්තේ සාකච්ඡා තුළින් බව සඳහන් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණි.