වැස්ස මාර්ග රැසක් යටකරයි
November 30, 2015 08:57 pm
අද පස්වරුවේ සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් කොළඹ නගරය හා නගරයට පැමිණෙන මාර්ග බොහෝමයක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
අද සවස සිට අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් කොළඹ හා කොළඹ අවට ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් සිදුව ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පැවසුවේ වායුගෝලයේ කැළඹිල්ලක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ලැබිය හැකි බවයි.