සුනිල් නරේන්ට පන්දුව තහනම්

සුනිල් නරේන්ට පන්දුව තහනම්

November 30, 2015   09:24 am



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී පන්දු යැවීම තහනම් කර තිබේ.

පන්දු යැවිම් සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයකදී අංශක 15 ට වඩා අත නැමීම හේතුවෙන් ඔහු නීති විරෝධි පන්දු යැවීමක නිරත වන බව අදාළ පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව සුනිල් නරේන්ට තම පන්දු යැවීම නිවැරදි කර ගන්නා තුරු දේශිය තරඟවලද පන්දු යැවීම තහනම් කර තිබේ.

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් තුන්වන එක්දින තරඟයේදී ඔහුගේ පන්දු යැවීම සැක සහයිත බවට විනිසුරුවරුන් විසින් වාර්තා කර තිබුණි.