සයුරෙන් එතෙර
රුසියානු නියමුවාගේ දේහය දෙනවා - තුර්කිය
November 30, 2015 09:16 am
රුසියානු ගුවන් නියමුවාගේ මෘත දේහය රුසියාවට භාරදීමට කටයුතු කරන බව තුර්කිය පවසයි.
පසුගියදා සිරියානු දේශසීමා කලාපයේදී රුසියානු ප්රහාරයක යානයකට ප්රහාරයක් එල්ල විය.
ගුවන් යානයට ප්රහාර එල්ලවීමත් සමග පැරෂුටයක් ආධාරයෙන් ඉන් පිටතට පැනගත් ගුවන් නියමුවා සිරියානු කැරලිකරුවන්ගේ වෙඩි ප්රහාරයකින් ජිවිතක්ෂයට පත් වුණි.
කෙසේ වෙතත් එම යානයේ ගමන් ගත් අනෙක් රුසියානු ගුවන් නියමුවා දිවි බේරාගෙන තිබේ.
මෙම සිදුවිම මුල් කර ගනිමින් රුසියාව සහ තුර්කිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
ප්රහාරයට ලක්වූ රුසියානු ගුවන් යානය තම ගුවන් කලාපය උල්ලංඝණය කරමින් පියාසර කළ බව තුර්කිය පවසයි.