දුම්රිය පා පුවරුව තහනම්!
November 28, 2015 11:29 pm
දුම්රිය පාපුවරුවේ යාම නිසා සිදුවන අනතුරු සැලකිල්ලට ගෙන ලබන පළමු වෙනිදා සිට දුම්රියවල පා පුවරුවේ ගමන් කිරීම තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ යටතේ දුර ගමන් සේවා දුම්රිය වල පාපුවරුවේ යාම සම්පූර්ණයෙන් තහනම් බව එම දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය ආඥා පනත යටතේ පා පුවරුවේ ගමන් කිරීම තහනම්ය.
පසුගිය දිනවල සිදුවූ දුම්රිය අනතුරු සහ මහජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.