සරසවි සිසුන් සමඟ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සුදානම්

සරසවි සිසුන් සමඟ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සුදානම්

November 28, 2015   04:43 pm



වත්මන් ආණ්ඩුව සිසුන් සමඟ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සුදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.


අමාත්‍යවරයා සඳහන් කළේ එම නිසාවෙන් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවයි.

පාර්ලිමේන්තුවේදී  අයවැය දෙවන වර කියවිමේ හයවන දින විවාදය අතරතුර ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව වෙත පෙළපාළියක් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ට තමන් පාර්ලිමේන්තුවේ සිටින බවත් සාකච්ඡා කිරිමට පැමිණෙන ලෙසත් දන්වා පණිවුඩයක් යැවූ බව  අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් තමන් පස්වරු 6.30 වනතුරු පාර්ලිමේන්තුවේ රැඳි සිටිය ද සාකච්ඡා කිරිම සඳහා සිසුන් එහි නොපැමිණි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.