මරණයක් පාසල් වැසූ හැටි!

මරණයක් පාසල් වැසූ හැටි!

November 27, 2015   09:12 am



උතුරු පළාතේ සියලු  පාසල් අද වසා දමන ලෙසට විදුහල්පතිවරුන්ට දන්වා ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ආර්.රවින්ද්‍රන් මහතා, පළාත්  අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත ඒ පිළිබඳ දැනුම් දී ඇති බව වාර්තා වේ.

දුම්රියකට පැන සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

යාපනය කොකුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවෙකු ඊයේ කොන්ඩාවිල් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බව ඊයේ වාර්තා වුණි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දැක්වූ ලිපියක් ද අදාළ සිසුවා මියයාමට පෙර ලියා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර යාපනය විශ්වවිද්‍යාල සිසුන් ද ඊයේ කළු කොඩි ඔසවා විරෝධතාවක නිරත වී ඇත.