අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩුකළ ගැසට් නිවේදනය එයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩුකළ ගැසට් නිවේදනය එයි

November 26, 2015   05:27 pm


වියළි හාල්මැස්සෝ, පරිප්පු, කට්ට කරවල, සාලයා කරවල, කඩල හා දේශීය කිරිපිටි ග්‍රෑම් 400 යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද (26) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

ඒ අනුව නොවැම්බර් මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම භාණ්ඩවල මිල අඩුකර ඇති බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2016 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී මෙම භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරීමට යෝජනා කර තිබිණි.

කෙසේ වෙතත් මෙලෙස යෝජනා කළ භාණ්ඩ අඩු මිලට පාරිභෝගිකයින්ට නොලැබෙන බවට චෝදනා එල්ල විය.