දියේ ගිළී 3ක් මරුට

දියේ ගිළී 3ක් මරුට

November 25, 2015   03:47 pm



හලාවත, ආනවිලුන්දාව, මුතු පන්තිය තුරුවිල වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පෙරවරු 11.30ට පමණ මොවුන් දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගිළී ඇති බව  පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ 40 හැවිරිදි පියා, 16 හැවිරිදි පුතා සහ 17 හැවිරිදි වියේ පසු වූ ඔවුන්ගේ ඥාති තරුණයෙකි.

මේ වන විට මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හලාවත මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

හලාවත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.