ඉමදූවේ වාහන තදබදයක්

ඉමදූවේ වාහන තදබදයක්

November 25, 2015   10:12 am


කොළඹ  - දෙණියාය ප්‍රධාන මාර්ගය ඉමදූව සිට කණංකේ හංදිය දක්වා වසා දැමීම හේතුවෙන් එම මාර්ගයේ වාහන තදබදයක් හටගෙන තිබේ.
 
කණංකේ පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඊයේ රාත්‍රී 10.00 සිට අද උදෑසන 6.00 දක්වා ඉමදූව සහ කණංකේ හංදිය දක්වා අතර කොටස වසා දැමීමට පියවර ගෙන තිබුණි.
 
කෙසේවෙතත් පාලමේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකිරීම නිසා අද පෙරවරු 10.00 දක්වා ඉමදූව සහ කණංකේ හංදිය දක්වා කොටස තවදුරටත් වසාතැබෙන බව   කණංකේ පොලීසිය සඳහන් කළේය.
 
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස කොළඹ  - දෙණියාය  මාර්ගයේ  ගමන්ගන්නා රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.