ඉල්පුර පසලොස්වක පොහොය අදයි

ඉල්පුර පසලොස්වක පොහොය අදයි

November 25, 2015   09:51 am



ඉල් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී  තිබේ.

ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල දාන, ශීල, භාවනා ආදී පින්කම් සංවිධානය කෙරෙයි.

සෑම පොහොය  දිනකම  සංවිධානය කෙරෙන ‘එෆ්. එම් දෙරණ අසපුව‘ පෝදා සජීව විකාශය මෙවර සිදුකෙරෙන්නේ තිස්සමහාරාම, වීරහෙළ ශාන්ති නිකේතනාරාම විහාරස්ථානයේ සිටයි.

උදෑසන ශීල සමාදානය, අසපුව ධර්ම දේශනය, ධර්ම සකච්ඡාව, කිරි ගවයන්ට අභය දානය ලබාදීම, ආශිර්වාද බෝධි පූජාව, ඇතුලු ආගමික වැඩසටහන් රැසක් මීට සමගාමීව විකාශය කෙරෙයි.