ගසක් කඩාවැටීමෙන් යතුරුපැදිකරුවෙක් අවසන් ගමන් යයි

ගසක් කඩාවැටීමෙන් යතුරුපැදිකරුවෙක් අවසන් ගමන් යයි

November 24, 2015   07:28 pm


කොළඹ, බේස්ලයින් පාරේ ගහක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (24) සවස බේස්ලයින් පාරේ වැලිකඩ බන්ධනාගාරය සමීපයේ රේල්වේ ග්‍රවුන්ඩ් ඉදිරිපිටදී මාර්ගයට ගසක් කඩාවැටී අතර ඊට  ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරුපැදියක් යටවී ඇතැයි පොලීසිය පවසයි.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජාතික රෝහලට ඇතුළත් කළ බවත්, මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

කෙසේ වෙතත් මෙසේ තුවාල ලබා රෝහල් ගත කළ යතුරුපැදිකරු මේවන ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.