බරපතළ වංචා සෙවීමේ ජනපති කොමිසමට පොලීසියෙන් 9ක්

බරපතළ වංචා සෙවීමේ ජනපති කොමිසමට පොලීසියෙන් 9ක්

November 24, 2015   01:31 pm



බරපතළ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පොලිස් නිලධාරීන් 09 දෙනෙකු අලුතින් අනුයුක්ත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ නොවැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදුකර ඇති බවයි.

මේ අතර ජනාධිපති කොමිසමේ කටයුතු කළ පොලිස් නිලධාරීන් 07 දෙනෙකුට කොමිසමේ සභාපතිවරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් මත ඔවුන් කලින් සේවය කළ පොලිස් ස්ථාන වෙතම මාරුකර යැවීමට පියවර ගත් බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.