අවතැන් වීම...

අවතැන් වීම...

June 13, 2018  

Bookmark and Share
ආගරපතන, බැල්මොරල් වත්තේ වතු නිවාස පෙළක් අද(13) උදෑසන ගිනි ගෙන විනාශ වී ඇති බව ආගරපතන පොලීසිය පවසයි.

ගිනි ගැනීමෙන් වතු නිවාස 12 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

එක් වතු නිවාසයක හට ගෙන ඇති ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී ගොස් තිබේ.

පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් එක්ව ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී යෑමට ඉඩ නොදී වළක්වා ගැනීමට පියවර ගැනීම නිසා විශාල විනාශයක් වැලකී ගිය බව ද ආගරපතන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සිරි මහතා අද දෙරණට පැවසීය.

ගිනි ගැනීමට ලක්වීම නිසා එම වතු නිවාස 12ක පදිංචි පුද්ගලයන් 49 කු අවතැන්ව ඇති බවත් ඒ අතර පාසල් යන වයසේ ළමුන් 13 කුද සිටින බවත් වාර්තා වෙයි.

අවතැන්වුන්ට අවශ්‍ය ආහාරපාන හා නවාතැන් පහසුකම් සළසා දීමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ඡායාරූප - චන්දන ජයවීර