ජල ගැලීම...

ජල ගැලීම...

May 26, 2018  

Bookmark and Share
දැඳුරු ඔය පිටාර ගැලීමට පටන් ගැනීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක් පමණ මේ වන පීඩාවට පත්වී ඇත.

දැඳුරු ඔයේ වම් ඉව්ර මේ වන විට පිටාර ගලමින් පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම තත්ත්වය නිසා ජයබිම,දැඳුරුඔය යන ගම්මානවල පදිංචිකරුවන් පීඩාවට පත්ව සිටියි.

මේ අතර,මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයද ජලයෙන් යටවී ඇත.

එම ප්‍රදේශයේද පවුල් 40 ක් පමණ පීඩාවට පත්ව සිටීයි.

කඩුපිටිඔය සහ තිණිපිටි වැව පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

එම මාර්ගයේ බර වහන පමණක් ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

නමුත් ඇතැම් සැහැල්ළු වාහන පොලිස් උපදෙස් නොතකා ජලය හරහා ගමන් කිරීම නිසා විවිධ පීඩාවන්ට පත්වන බවක්ද දකින්නට ලැබුණි.

මේ අතර,තිණිපිටිය වැවේ වාන් ජලය ගලා යන කුඩා පාලම අබලන් වීමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් කියයි.

එම පාලමේ එක් කොටසක් ජලයට දියවීමට පටන් ගෙන ඇති බවක්ද දක්නට ඇත.

ඡායාරූප - ජුඩ් සමන්ත