සරසවි සිසුන් 13 ක් විසි වන දින තෙක් රිමාන්ඩ්
October 6, 2015 10:18 pm
අම්පාර, ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුවක් සමිබන්ධයෙන් පවත්වන ලද විරෝධතාවයකදී විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ලට හානි කරන ලද සිසුන් 13 දෙනෙකු එළඹෙන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අම්පාර ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුවක් සමිබන්ධයෙන් සිසුන් විසින් ඉකුත් පළමුවන දින පවත්වන ලද විරෝධතාවයකදී ඔවුන් විසින් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ලට හානි කළ බවට චෝදනා එල්ලවිය.
අදාළ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් 13 දෙනෙකු අක්කරපත්තුව මහේස්ත්‍රාත් එච්.එම්.මොහොමඩ් ෆසිල් මහතා හමුවට ඉදිරිපත් කරනු ලදුව මෙලෙස 20 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම විරෝධතා පැවැත්වෙන දිනයේ විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය සමග සිසුන් පිරිසක් සාකචිචා කරමින් සිටියදි තවත් සිසුන් පිරිසක් පැමිණ පාලන ගොඩනැගිල්ලේ ජනේල් කඩා හානි සිදුකළ බවට පාලන අධිකාරිය මගින් අක්කරපත්තුව පොලිසියට කරන ලද පැමිණිල්ලන් අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අම්පාර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.ආර්.එල්.රණවිර මහතාගේ උපදෙස් මත අමිපාර කොට්ඨාශ 1 භාර සහකාර පොලිස් අඨිකාරි කැලූමි ශ්‍රී තිලකරත්න මහතාගේ අධික්ෂණය යටතේ අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි හේමන්ත දික්ඕවිට මහතාගේ මෙහයවීමෙන් අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.එල්.එම් ජෙමිල් මහතා විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.