උතුරු මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය අත්හිටුවයි!

උතුරු මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය අත්හිටුවයි!

October 6, 2015   06:30 pm


උතුරු මාර්ගයේ ධාවනයේ යෙදීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය 4ක් අවලංගු කිරීමට තීරණය කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ අනුව රාත්‍රී 7.40ට හා රාත්‍රී 8.40ට කොටුව දුම්රිය ස්ථානයෙන් තලෙයිමන්නාරමට හා කන්කසන්තුරෙයි දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය මෙන්ම සවස 6.00 ට කන්කසන්තුරෙයි සිට කොටුව දක්වාද, රාත්‍රී 10.00 ට තලෙයිමන්නාරම සිට කොටුව දක්වාද ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස අවලංගු කර තිබේ.

අද ප.ව 3.45ට පමණ උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොළ - ගල්ගමුව අතර  ප්‍රදේශයේ දුම්රියක් පීළීපැනීමට ලක්වීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත්කරන තුරු මෙම දුම්රිය අවලංගු කිරීමට සිදුව ඇත.

කෙසේ වෙතත් ප්‍රවේශපත්‍ර කලින් ඇනවුම් කොට ලබාගෙන ඇති මගීන්ට එකී මුදල් නැවත ගෙවීමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය අවධාරණය කරයි.