උතුරු දුම්රිය පීලිපනියි

උතුරු දුම්රිය පීලිපනියි

October 6, 2015   05:21 pm


උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොළ - ගල්ගමුව අතර  ප්‍ර දේශයේ    දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබේ.

තලේමන්නාරම සිටි කොළඹට බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිලීපැනීමට ලක්ව ඇති බව වාර්තාවෙයි.

අද පස්වරු 3.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් ‍දුම්රිය මැදිරි දෙකක් පීලිපැන ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් කොළඹ සිට උතුරට යන දුම්රිය මහව දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති අතර උතුරු ප්‍ර දේශයේ සිට කොළඹට එන දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බව දුමිරය පාලක මැදිරිය  වැඩිදුරටත් පැවසුවේය.