කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණ ගබඩාවේ ගින්නක්!

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණ ගබඩාවේ ගින්නක්!

October 6, 2015   04:49 pm



කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබේ.

අද(06)  පෙරවරුවේ  අධිකරණය තුළ නඩු කටයුතු විභාග වෙමින් පවතින අතර තුර මෙම ගින්න හටගෙන ඇති බව  වාර්තා වෙයි.

ඇසිඩ් බෝතලයක් නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ යකඩයක් මතට පෙරළී ප්‍රතික්‍රියා කිරීමෙන් සුළු ගිනිගැනීමක් සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

ගින්නෙන් නඩු භාණ්ඩවලට හානී සිදුව නොමැති බව සඳහන්ය.