සංචාරක විසා වලින් රැකියාවලට ගිහින් මාට්ටු

සංචාරක විසා වලින් රැකියාවලට ගිහින් මාට්ටු

October 5, 2015   05:30 pm

සංචාරක වීසා මත කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් 11 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට හරවා එවා තිබේ.

මාතර, පදවි ශ්‍රීපුර, රක්වාන, වාලච්චේන, වව්නියාව, කළුතර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඒ අතර වන බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

පසුගිය පළමුවනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අදාළ පිරිස කුවේට් ගුවන් තොටුපල බලධාරින් විසින් නැවත හරවා එවා තිබේ.

අදාළ පිරිසට වයස අවුරුදු 05 ට අඩු දරුවන් සිටින අතර විදෙස් රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ද ලබා නොමැති බව  කාර්යාංශය සඳහන් කළේය.

එම පිරිස මේ වන විට කටුනායක සහන පියසේ රඳවා පරික්ෂණ සිදු කෙරෙයි.