දක්ෂිණ අධිවේගයේ කොටස නැවතත් වැසෙයි
October 4, 2015 04:20 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස යළිත් වරක් වසා දමා තිබේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් නැවත වරක් එම මාර්ගය කොක්මාදූව පිටවීමේ දොරටුවේ සිට ඉමදූව පිටවීමේ දොරටුව දක්වා කොටස වසා දැමීමට තීරණය කර ඇති බව පොලීසිය පවසයි.
පසුගියදා පැවති අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානම මත මීට පෙර ද එම මාර්ග කොටසේ රථ වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් මෙම මාර්ගය සඳහා ස්ථිර පිළියමක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා මීට පෙර සඳහන් කර සිටියේය.