ගිනි අවිය වැරදීමකින් පත්තුවෙලා - කොස්තාපල්ට තුවාලයි

ගිනි අවිය වැරදීමකින් පත්තුවෙලා - කොස්තාපල්ට තුවාලයි

October 4, 2015   02:47 pm



තම ගිනිඅවිය අත්වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.

කෑගල්ල, බුලත්කොහුපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

 ඔහු මේ වන විට බුලත්කොහුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

 මේ සම්බන්ධයෙන් බුලත්කොහුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.