රනිල් ජපන් අගමැති අබේ හමුවෙයි

රනිල් ජපන් අගමැති අබේ හමුවෙයි

October 4, 2015   11:44 am



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

අද පෙරවරුවේ කියෝතෝ නුවරදී මෙම සාකච්ඡා පැවති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ජපාන අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අනිද්දා දිනයේ ද යළි ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියෝතෝහිදි විද්‍යා සහ තාක්ෂණ සංසදයේ සමුළුව අද පෙරවරුවේ අමතා තිබේ.

අදාළ සංචාරය තුළ දී අග්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතය.