කෝටි 5ක හෙරෝයින් සමඟ කතත් ඇතුළු 2ක් දැලේ

කෝටි 5ක හෙරෝයින් සමඟ කතත් ඇතුළු 2ක් දැලේ

October 4, 2015   08:03 am


 

රුපියල් කෝටී 5කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග කාන්තාවක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන්  තොටුපොළේදී   අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය සිදුකළ වැටලීමකදී අද අලුයම චෙන්නායි සිට පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව  රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරුවන්ගේ ගමන් මළුවල තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සොයාගෙන තිබේ.