සේයා දැරියගේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

සේයා දැරියගේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

October 3, 2015   05:26 pm



කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව  වාර්තා වෙයි.

ඒ අනුව මිණුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය වෙත ඉදිරිපත් කර සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන ඇති බව සඳහන්ය.

සේයා සදෙව්මි දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කෙන්ඩයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.