පොලීසියේ පුටු මාරුවක්!

පොලීසියේ පුටු මාරුවක්!

October 3, 2015   12:29 pm


ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ඇතුලු පොලිස් නිලධාරිවරුන් කිහිප දෙනෙකු ස්ථාන මරුකර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් අදාළ ස්ථාන මාරුවිම් සිදු කර ඇති බව    වාර්තා වෙයි.

ඒ අනුව විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ ධනපාල මහතා තංගල්ල පොලිස් කොට්ඨාශයටත්, රාජ්‍ය බුද්ධි සේවාවේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එච් මාසෝ මහතා විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත් මාරුකර තිබේ.

ඊට අමතරව වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඒ.කේ.එස්  අධිකාරි මහතා පුත්තලම කොට්ඨාශයටත්, කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ  ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.පී රාජමන්ත්‍රී මහතා වැලිපැන්න  පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇත.

වැලිගම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක ඕ.වී.ආර්.පී ඕලුගල මහතා කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඒ. එච්. එන්. ජයතිලක මහතා වැලිගම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙසත් මාරුකර යවා ඇති බව සඳහන් වෙයි.