කුරුණෑගලිනුත් හොර නෝට්ටුවක් මතුවෙයි

කුරුණෑගලිනුත් හොර නෝට්ටුවක් මතුවෙයි

October 3, 2015   10:55 am


කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නොට්ටුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉබ්බාගමුව ඉන්ධන පිරවුම්හලට පැමිණ රුපියල් 5000 ක මුදල් නොට්ටුවක් මාරුකිරිමට යාමේදී එය ව්‍යාජ නොට්ටුවක් බවට සැකකිරිමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව  පොලිසිය පැවසුවේය.

සැකකරු 26 හැවිරිදි දෙපෙල්වැහැර, මහමූකලන්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.