චීනයේ පිපුරුම් මාලාවකින් 7ක් මරුට
සයුරෙන් එතෙර

චීනයේ පිපුරුම් මාලාවකින් 7ක් මරුට

October 1, 2015   09:13 am



චීනයේ ගුවන්ගිසි ප්‍රදේශයේ සිදුවූ පිපුරුම් මාලාවකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු චීනයේ කුඩා නගරයක, ස්ථාන කිහිපයක මෙය සිදුව ඇති බවයි.

ඉන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙය ත්‍රස්ථ ප්‍රහාරයක් බවට චීන බලධාරීන් සැක පළ කරන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.